A National Buddhist Memorial Ceremony for Asian American Ancestors

Saturday, March 16th, 2024

Please share widely with Sinhala American Buddhist communities: www.maywegather.org (#MayWeGather: A National Buddhist Memorial Ceremony for Asian American Ancestors)

අපගේ ආසියානු අමෙරිකානු මුතුන්මිත්තන් සිහිපත් කිරීමේ සහ පුණ්‍යානුමෝදනා කිරීමේ ජාතික අනුස්මරණ උත්සවය, “May We Gather” සැමරුම සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. එමෙන්ම, 19 වන සියවසේ දී සංක්‍රමණිකයන් ලෙස අමෙරිකාවට පැමිණ, ද්වේෂ සහගත තාඩන පීඩනයන් අත්විඳි අපගේ ආසියානු අමෙරිකානු මුතුන්මිත්තන් සහ, 21 වන සියවස තුළ ඇට්ලැන්ටා සිට සැන් ප්‍රැන්සිස්කෝ දක්වාත් අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශවලත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දිවි අහිමි වූ ආසියානු අමෙරිකානුවන් සිහිපත් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමු. මෙම සැමරුම බුරුම, කාම්බෝජ, චීන, ජපන්, කොරියානු, ලාඕස්, ශ්‍රී ලංකා, තායිවාන්, තායි, ටිබෙට්, වියෙට්නාම් ඇතුළු විවිධ බෞද්ධ සම්ප්‍රදායයන්, භාෂා සහ සංස්කෘතීන් නියෝජනය කෙරෙමින් බෞද්ධ නායකයන්ගේ සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 16 වන දින කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇන්ටියොක් (Antioch) නගරයේ දී සිදුකෙරේ. මේ වෙනුවෙන් පැමිණ සහභාගී වීමට නොහැකි අය සඳහා May We Gather YouTube නාලිකාව ඔස්සේ උත්සවය සජීවී ව විකාශනය කෙරේ (ප.ව. 1.00ට PDT - ප.ව. 4.00ට EDT.) වැඩිදුර තොරතුරු සඳහා සහ පැමිණ සහභාගී වීමට ලියාපදිංචි වීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න. www.maywegather.org. කරුණාකර මෙම පණිවිඩය ඔබේ හිතමිතුරන් සහ ප්‍රජාව වෙත බෙදාහරින්න. #MayWeGather2024